|
“දෑවුරුදු රීතිය“ යනු එක්සත් ජනපද සංක්‍රමණ නීතියේ වගන්තියක් හඳුන්වන පොදු යෙදුමක් වන අතර එයින් අවශ්‍ය කෙරෙන්නේ, බොහෝ හුවමාරු ආගන්තුකයන් තම හුවමාරු පිවිසුම සමාප්ත වීමෙන් පසුව යටත් පිරිසෙයින් අවුරුදු දෙකක කාලයක් සඳහාවත් ආපසු තම මව්රට බලා යාමත් එහි භෞතිකව පෙනී සිටීමත්ය. නිශ්චිත වීසා බලපත්‍ර වර්ග යටතේ, විශේෂයෙන්ම H-1, L-1, K-1 සහ සංක්‍රමණ වීසා බලපත්‍ර යටතේ, ආපසු එක්සත් ජනපදයට පැමිණීමට පෙරාතුව මෙම මෙම වාසය අවශ්‍ය වේ. ඔබගේ J-1 වීසා බලපත්‍රය නිකුත් තර ඇති විටදී ඔබගේ DS-2019 මත දෑවුරුදු රීතිය අදාළ වන්නේදැයි යන්න පිළිබඳව ප්‍රාථමික සොයාගැනීමක් පමණක් වන බව සටහන් කර ගැනීම වැදගත් වේ. ඔබ පසු කාලයකදී H-1, L-1, K-1, හෝ සංක්‍රමණ වීසා බලපත්‍රයක් සඳහා අයදුම් කිරීමට තෝරා ගන්නේ නම් පමණක් අවසාන තීරණය ගනු ලැබෙනවා ඇත.
|